by Sagarika Chathumali 28-03-2018 | 5:00 PM
COLOMBO (News 1st) : තරුණයෙකුට පිහියකින් ඇණ බරතපතළ තුවාල සිදුකිරීම සහ තවත් තරුණයෙකු ඝාතනය කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද මරණ දඬුවම නියම කළේ ය.
ඒ අදාළ ඝාතනය සිදුව ඇත්තේ, මීට වසර 32 කට පෙරදී ය.
1985 වසරේ දෙසැම්බර් මස 6 වන දින එවකට තරුණයන් වූ විත්තිකාර ඥාති සහෝදරයන් දෙදෙනා ඇතුළු 5 දෙනෙකු අඟුලාන මහජන පුස්තකාලයේදී අදාළ පුද්ගලයා සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියකින් ඇණ ඔහු ඝාතනය කර තිබිණ.
අනතුරුව ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ අනෙක් තරුණයා ද කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව ගල්කිස්ස පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝ තිදෙනා නඩු විභාගය අතරතුර ජීවිතක්ෂයට පත් වූහ.
මරණ දඬුවම නියම වූයේ, අඟුලාන ප්රදේශයේ ම පදිංචි අවුරුදු 52 සහ 55 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකුටයි.