හම්බන්තොට මහ නගර සභාවේ මංගල රැස්වීම කල්යයි

හම්බන්තොට මහ නගර සභාවේ මංගල රැස්වීම කල්යයි

by Sagarika Chathumali 28-03-2018 | 4:15 PM
COLOMBO (News 1st) : හම්බන්තොට මහ නගර සභාවේ නගාරාධිපතිවරයා හා නියොජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති මංගල රැස්වීම ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් කල් දමා තිබේ. අද උදෑසන 10 ට දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම කැඳවා තිබිණ. එහිදී මන්ත්‍රීවරුන් 21 දෙනොගෙන් පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 09 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයා පමණක් බව හම්බන්තොට නාගරික කොමසාරිස් කසුන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු සිවු දෙනා සභාවට පැමිණ නොසිටියහ. මේ පිළිබඳව කළ විමසීමකදී දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා පැවසුවේ, ප්‍රථම රැස්වීම පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතට අනුව පැවැත්විය යුතු බව ත් ඒ සඳහා 50% ක ඝන පූරණය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1891748704218712/