සිංහල බෙහෙත් අලෙවි සලට පැනපු හොරා

සිංහල බෙහෙත් අලෙවි සලට පැනපු හොරා

by Staff writer 28-03-2018 | 2:48 PM
COLOMBO (Newsfirst) - කොට්ටාව මංසන්ධියේ පිහිටි සිංහල බෙහෙත් බඩු අලෙවි සලකට ඊයේ රාත්‍රියේ සොරෙකු පැන තිබේ. එම වෙළෙඳ සලේ හිමිකරු පැවසුවේ එම සොරා වෙළෙඳ සලේ පිටුපස දොරටුවෙන් ඇතුළු වී ඇති බව ය. මෙහිදී එම සොරා රුපියල් 3000ක මුදලක් සහ වෙළෙඳ සලේ සවි කර ඇති CCTV කැමරා පද්ධතියේ රවුටරය සොරා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය පරීක්ෂණ පවත්වයි. https://www.youtube.com/watch?v=kGzpVGB1-pg&feature=youtu.be