ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි

ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි

by Staff writer 28-03-2018 | 2:30 PM
(Newsfirst) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් මාස 12ක තරග තහනමක් පැනවීමේ සූදානමක් ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය පවසයි. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙම වරද සිදු කළ අතර, ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිදු කළ පරීක්ෂණයේදී නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට තහවුරු වී තිබේ. ස්මිත්ට සහ වෝනර්ට මාස 12ක තරග තහනමක් පනවා ඇත්තේ ඒ හේතුවෙනි. මේ අතර පන්දුව පළුදු කිරීමේ වරද සිදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට් මාස 9ක තරග තහනමකට ලක් කිරීමට ද ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ සඳහන් ය. මීට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ස්මිත්ට සහ බැන්ක්‍රොෆ්ට්ට දඩ මුදල් නියම කළේ ය.