විදේශ මුදල් සහ මැණික් තොගයක් සමග අයෙක් රේගු දැළේ

විදේශ මුදල් සහ මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු රේගු භාරයට

by Staff writer 28-03-2018 | 10:49 AM
COLOMBO (Newsfirst) - රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 61 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකි. සැකකරුගේ කලිසම් සාක්කු තුළ හා ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම මැණික් හා විදේශ මුදල් තොගය සොයා ගත් බව රේගුව සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.