මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නොසන්සුන් තත්ත්වයක්

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම අතරවාරයේ උණුසුම් තත්ත්වයක්

by Staff writer 28-03-2018 | 11:39 AM
COLOMBO (Newsfirst) - මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම අතරවාරයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත් කර ගනු ලැබුවේ නොසන්සුන්තා මධ්‍යයේ බව අප ප්‍රාදේශීය සභා වාර්තාකරු පැවසුවේ ය. එක්සත් ජාතික පක්ෂයෙන් මස්කෙළිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ලියනආරච්චිගේ රංජිනී මහත්මිය සභාපතිවරයා තේරීමේ නිලවරණයට සහභාගී නොවීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ බලය හිමි වූයේ ලංකා කම්කරු කොංග්‍රසයට යි. මේ හේතුවෙන් දෙපාර්ශවය අතර නොසන්සුන් තත්ත්වයක් ඇති විය. අප වාර්තාකරු පැවසුවේ දෙපාර්ශවය අතර පැන නැගි ගැටුම විනාඩි 30ක් පමණ පැවැති බව ය. සිද්ධිය මේ වන විට පාලනය කිරීමට පොලීසිය සමත් වී තිබේ.