ජයසිරිගම ජනතාවගේ ජල සිහිනය යථාර්ථයක් වූ වගයි..!

පන්නල, ජයසිරිගම ජනතාවගේ ජල සිහිනය ගම්මැද්දෙන් යථාර්ථයක් වූ වගයි..!

by Sagarika Chathumali 28-03-2018 | 9:14 PM
COLOMBO (News 1st)  : තම ළිං වල ජලය , සිඳීයාම හේතුවෙන් පන්නල ජයසිරිගම ගම්මානයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටියේ දීර්ඝ කාලය සිටයි. ගම්මානයේ පවුල් 260කට වැඩි පිරිසකට පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීමට සිදුවූයේ පන්නල ප්‍රාදේශීය සභාව සතියකට වරක් බවුසර් මගින් ලබාදුන් ජලයෙනි. නිසි විසඳුමක් නොලැබුණු තැන තමන් විඳි ‍කටුකත්වයේ වේදනාව ගම්මැද්ද දින 100යට දන්වනු ලැබී ය. මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස පානීය ජල ව්‍යාපෘතියක් ඉදිරිකර දීම සඳහා MAS ආයතනය ඉදිරිපත් වුණේ ඉන් අනතුරුවයි. අද එම ජල ව්‍යාපෘතිය ජන සතු කෙරුණේ මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද මධ්‍යයේයි. මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහාරජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ‍ශෙවාන් ඩැනියල් මහතා, MAS ඉන්ටිමේටස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සු‍රේන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. https://www.youtube.com/watch?v=GAdi18_eP8w