අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව

අගමැතිට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත නොකිරීමට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

by Staff writer 28-03-2018 | 1:36 PM
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීමේදී ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත නොකිරීමට පක්ෂ නායකයෝ මෙහිදී එකඟ වූහ. අප්‍රේල් මස 4 වන දා මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිත ය. එදින උදෑසන 10.30 සිට රාත්‍රී 9.30 දක්වා විවාදය පවත්වා රාත්‍රී 9.30ට ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.