අගමැතිට එරෙහි විශ්වාසභංගය:අදත් පක්ෂ නායක රැස්වීමක්

අගමැතිට එරෙහි විශ්වාසභංගය පිළිබඳ අදත් පක්ෂ නායක රැස්වීමක්

by Staff writer 28-03-2018 | 8:52 AM
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. කථානායක කරු ජයසූරිය මහතා විසින් අද උදෑසන 9.00ට සියලුම පක්ෂ නායකයින්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය සඳුදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට නිල වශයෙන් ඇතුළත් කෙරිණි. ඒ අනුව අප්‍රේල් මස 4 වන දින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති. අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.