by Hashini De Mel 27-03-2018 | 8:45 PM
COLOMBO (News 1st) - රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අබුඩාබිහි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින බව රජයේ විශ්වසනීය ආරංචිමාර්ග දැන් තහවුරු කර තිබේ.
වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා ය.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ බලධාරින් සහ මෙරට බලධාරින් සිදු කළ එකාබද්ධ මෙහෙයුමකින් පසුවයි.
මේ වන විට උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රජයේ ඉහළ මට්ටමේ නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද රජයේ විශ්වසනීය ආරංචිමාර්ග තහවුරු කළේ ය.