මෙරට තෙල් හා ගෑස් ගවේෂණයට ලංසු කැඳවීම මැයි මාසයේ

මෙරට තෙල් හා ගෑස් ගවේෂණයට ලංසු කැඳවීම මැයි මාසයේ

by Staff writer 27-03-2018 | 2:27 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය සඳහා නව ලංසු කැඳවීම් සිදු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි. අප කළ විමසීමකදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පැවසුවේ, ලංසු කැඳවීම් සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ය. ඒ අනුව මැයි පළමුවන සතිය තුළදී නව ලංසු කැඳවීම් සිදු කිරීමට නියමිත ය. මන්නාරම් ද්‍රෝණියේ දැනට සොයා ගෙන ඇති වායු නිධි සහිත භූමිය මේ සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර කාවේරි ද්‍රෝණියේ ස්ථාන කිහිපයක් ද කැණීම් සඳහා නිදහස් කිරීමට නියමිත ය.