සභාපතිවරුන් පත් කර නොමැති ප්‍රාදේශීය සභා මෙන්න

ප්‍රාදේශීය සභා 5කට සභාපතිවරුන් තවදුරටත් පත් කර නොමැති තත්ත්වයක්

by Staff writer 27-03-2018 | 8:42 AM
COLOMBO (Newsfirst) -  ප්‍රාදේශීය සභා 5ක සභාපතිවරුන් අදාළ පක්ෂ විසින් නම් කොට එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ විල්ගමුව, ආනමඩුව, වෙන්නප්පුව, නියාගම, බලපිටිය යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් අදාළ දේශපාලන පක්ෂ විසින් නම් කොට එවා නොමැති බව ය. ඒ හේතුවෙන් චක්‍ර ලේඛන මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව කොමිෂන් සභාව සඳහන් කළේ ය.