පන්දුව පළුදු කළ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වෙයි

පන්දුව පළුදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වන ලකුණු

by Staff writer 27-03-2018 | 12:22 PM
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පන්දුව පළුදු කිරීමට කළ උත්සහය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලැදි සැමගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එම සිද්ධිය කෙරෙහි මේ වන විට සියලු පාර්ශවවල අප්‍රසාදය පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය කෙරෙහි ද ක්‍රිකට් ලෝලීහු පමණක් නොව විශ්ලේෂකයින් ද කණස්සල්ල පළ කරති. මේ අතර, මෙම සිද්ධිය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ද විවිධ ගැටලු මතු වෙමින් පවතී. එහි නවතම පුවත වන්නේ, ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලීමන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබීම ය. පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව ඔහු මෙතෙක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔහු ඒ පිළිබඳව දැන නොසිටි බව වාර්තා වේ. මේ අතර, මෙවර IPL තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය ද ස්ටීවන් ස්මිත්ට අහිමි විය. ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් කෙරිණි. - කුමුදු ජයවර්ධන