නව අපනයන සැකසුම් කලාප 4ක් පිහිටුවීමට පියවර

නව අපනයන සැකසුම් කලාප 4ක් පිහිටුවීමට පියවර

by Hashini De Mel 27-03-2018 | 4:39 PM

COLOMBO (News 1st) - ආයෝජන මණ්ඩලයේ නව අපනයන සැකසුම් කලාප හතරක් පිහිටුවීමට තීරණය කර තිබේ.

මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය සඳහන් කළේ, නව අපනයන සැකසුම් කලාප හතරක් ස්ථාපිත කෙරෙන බවයි. ඒ අනුව නව කලාප සඳහා රු. බිලියන 2.5 ක් වෙන් කර ඇත. නව කලාපයන් බිංගිරිය, මාවතගම, මිල්ලනිය සහ චාලිම්ටන් (මාතර) යන ස්ථානවල ඉදිකිරීමට නියමිතව වේ.