ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම ඉහළට

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම ඉහළට

by Staff writer 27-03-2018 | 7:05 AM
COLOMBO (Newsfirst) - ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 50%ක් දක්වා පහළ ගොස් ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසයේ එම ජලාශ්‍රවල ජල ධාරිතාව 73%ක මට්ටමක පැවති බව ය. ජල විදුලි නිෂ්පාදනය 15%ක මට්ටමක පවතින බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.