KPගේ නැවක් නාවික හමුදාව මුහුදුබත් කරයි

KPගේ නැවක් නාවික හමුදාව මුහුදුබත් කරයි

by Hashini De Mel 26-03-2018 | 6:55 PM
LTTE සංවිධානය භාවිතා කරන ලද KP හෙවත් කුමරන් පද්මනාදන්ට අයත්, වෙලින් හෙවත් A522 නෞකාව අද නාවික හමුදාව විසින් මුහුදුබත් කර තිබේ. ඒ දිවයිනට බටහිර මුහුදේදී ය. නාවික හමුදාව පැවසුවේ, එම නෞකාව යුද සමයෙන් පසු නාවික හමුදා භාරයට ගත් බවයි. අබලන් තත්ත්වයේ පැවති එම නෞකාව යකඩ සඳහා අළෙවි කිරීමට සැලසුම් කර තිබුණත්, ප්‍රමාණවත් ලංසු මුදලක් නොලැබීම හමුවේ එය ගිල්වා දැමීමට පියවර ගෙන තිබේ. එම නෞකාව කොරල්පර සහ ජලජ ජීවින් බහුලව ගැවසෙන ස්ථානය බවට පත් ව තිබු බවත් නෞකාව මුහුදුබත් කළ ප්‍රදේශය සංචාරක ආකර්ශන කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. මෙම නෞකාවට අමතරව, ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කළ අබලන් තත්ත්වයට පත් වෙඩි නොවදින පැරණි මෝටර් රථ 8 ක් ද මුහුදුබත් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1889796704413912/