වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්

වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසකට බේරුවලදී ප්‍රහාරයක්

by Staff writer 26-03-2018 | 10:05 AM
COLOMBO (Newsfirst) - වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසකට බේරුවලදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ නිලධාරීන් බේරුවල ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ එම ප්‍රහාරය එල්ල වී ඇති බව ය. ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබති. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.