සා/පෙළ අයැදුම්කරුවන් 969 කගේ ප්‍රතිඵල අවලංගු කෙරේ

මෙවර සා/පෙළ අයැදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අවලංගු කෙරේ

by Hashini De Mel 26-03-2018 | 4:50 PM

COLOMBO (News 1st) - 2017 පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, නවීන තාක්ෂණික උපකරණ භාවිත කර විභාග නීති රීති උල්ලංඝණය ඇතුළු තව ත් විභාග අක්‍රමිකතා කිහිපයක් පසුගිය කාලයේදී වාර්තා වූ බව ය. විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2,798 ක් අයැදුම්කරුවන් සම්බන්ධ සිද්ධින් වන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ මූලික විමර්ශනවලින් 1,829 දෙනෙකු නිදහස්වී ඇති අතර ඉතිරි 969 දෙනෙකුගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා නිකුත් කිරීමට නියමත ව තිබේ.