නොසන්සුන් වූ කෝට්ටේ මහනගර සභාව

නොසන්සුන් වූ කෝට්ටේ මහනගර සභාව

by Hashini De Mel 26-03-2018 | 8:14 PM

COLOMBO (News 1st) - කෝට්ටේ මහනගර සභාවේ අද දිනට නියමිතව තිබු කටයුතු අප්‍රේල් 02 දක්වා කල්දැමීට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගෙන තිබේ.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග නොසන්සුන්තාවක් ඇති විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සභාපති පත් කිරීම ඇතුළු පළමු සභාවාරයේ කටයුතු අද පස්වරු 1.00 කට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. එහෙත් සභාවට පැමිණිම සඳහා දැණුම්දීම් ලැබී නොමැති බව මන්ත්‍රීවරුන් පිරිසක් පවසා ඇති නිසා අදට නියමිත නගරාධිපති පත්කිරීම ඇතුළු කටයුතු පැවැත්විය නොහැකි බව පළාත් පාලන කොමසාරිස්වරිය සභාවට දැනුම් දුන්නා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව සිය අප්‍රසාදය පළ කරද්දී පළාත් පාලන කොමසාරිස්වරිය සභාව ලබන අප්‍රේල් 02වන දාට කල් දමා සභාවෙන් පිටව ගියා ය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පිටව යන අවස්ථාවේ සභාවෙන් පිටත සිටි පිරිසක් ද ඇය පිටව යෑම වැලැක්වීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් පොලීසියේ මැදිහත්වීම තුළ පළාත් පාලන කොමසාරිස්වරිය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් ව ගියා ය. https://www.youtube.com/watch?v=kIGaLLHWUHs