by Hashini De Mel 26-03-2018 | 7:50 PM
COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත් වූ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වී තිබේ.
ඒ අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමිනි.
තරගය සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත් විය.
කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204 කි.
රොව්මන් පවෙල් ලකුණු 44 කි.
පන්දු යැවීමේදී මුජීබ් රහමාන් කඩුළු 4 ක් දවා ගත්තේ ය.
ලකුණු 205 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසු කළේ පන්දුවාර 40 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී සිටියදී ය.
ආරම්භක පිතිකරු මොහොමඩ් ශාසාඩ් ලකුණු 84 ක් රැස් කළේ ය.
රහමට් ශා ලකුණු 51 කි.
පන්දු යැවීමේදී ක්‍රිස් ගේල් කඩුළු 2 ක් දවා ගත්තේ ය.
කෙසේ වෙතත් 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථා කණ්ඩායම් හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මේ වන විට සුදුසුකම් ලබා අවසන් ය.