සුනිල් අබේවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ක්‍රීඩා මාධ්‍යවේදී සුනිල් අබේවර්ධන අභාවප්‍රාප්ත වෙයි

by Hashini De Mel 26-03-2018 | 10:14 PM

COLOMBO (News 1st) - ගුවන් විදුලි, රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයේ, ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ සුනිල් අබේවර්ධන මහතා අද සවස අභාවප්‍රාප්ත විය.

උදරයේ ශෛල්‍ය කර්මයකින් පසු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඒ මහතා මිය යන විට 69 වැනි වියේ පසු විය. සුනිල් අබේවර්ධන මහතා 70 දශකයේ ගුවන් විදුලියට සම්බන්ධ වූ අතර 80 දශකයේ මැද භාගයේ සිට ලේක් හවුස් ආයතනයේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර තිබේ. සිරස මාධ්‍ය ආයතනයේ ද නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා මලල ක්‍රීඩා වොලිබෝල්, පාපැදි ක්‍රීඩා අවාරණයේ ප්‍රවීණත්වයක් ඉසිලූ අතර සුනිල් අබේවර්ධන මහතා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් රටට හඳුන්වා දුන්නේ ය.