කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තව ත් 10 දෙනෙකුගේ ලැයිස්තුව

එජාපයේ තීරණ තීන්දු ගනු ලබන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තව ත් 10 දෙනෙකුගේ ලැයිස්තුව

by Hashini De Mel 26-03-2018 | 9:59 PM

COLOMBO (News 1st) - මෙරට විශාලතම සහ ප්‍රධානතම තනි දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානතම කමිටුවක් වන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් තීරණය ගනු ලබන්නේ, කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා ය. එක්සත් ජාතික පක්ෂය දිනෙන් දිනම පරිහානියට පත්වීමට පක්ෂ නායකත්වය මෙන්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ක්‍රියාකලාපයත් හේතු වූ බව නොරහසකි. එබැවින් කෘත්‍යාධිකාරී මණ්ලයේ සාමාජිකයින් කවුරුන්දැයි ජනතාව දැණගත යුතු වේ. මන්ද ගසට ගසක් මොරටුවේදී හමුවනවා සේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් ජනතාව අතර හමුවන නිසා ය. එකී කෘත්‍යාධිකීරි මණ්ඩලයේ 10 දෙනෙකුගේ නම් මීට පෙර අප ජනතාගත කළ අතර අද තව ත් නම් 10 ක් ජනතාගත කරන්නට අප සූදානම් ය. 1. ඩී.එම්.ස්වාමීනාදන් 2. විජයකලා මහේෂ්වරන් 3. කාවින්ද ජයවර්ධන 4. පී.හැරිසන් 5. චන්ද්‍රානි බණ්ඩාර 6. නිරෝෂන් පෙරේරා 7. රුවන් විජේවර්ධන 8. රවී කරුණානායක 9. රවින්ද්‍ර සමරවීර 10. මංගල සමරවීර https://www.youtube.com/watch?v=s1AVK6f6vTA