අතුරුගිරිය ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

අතුරුගිරිය ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 26-03-2018 | 11:11 AM
COLOMBO (Newsfirst) - අතුරුගිරිය, මාලඹේ ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද අලුයම 2.40ට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එමගින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව ය. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් හා බිත්තිවලට අලාභ හානි සිදුව ඇතැයි ඔහු පැවසුවේ ය. ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් වෙඩි තැබීම කර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ය. මේ අතර මාලඹේ සයිටම් හන්දියේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඊයේ රාත්‍රී 7.00ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් හිඹුටාන මුල්ලේරියාවේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය.