මාලඹේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

මාලඹේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Chathuranga Rajapaksha 25-03-2018 | 9:06 PM
COLOMBO (Newsfirst) - මාලඹේ සයිටම් හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ සවස 7 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් හිඹුටාන මුල්ලේරියාවේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. ඝාතනයට ලක්වු පුද්ගලයා ජීප් රථයකින් පැමිණ එම ප්‍රදේශයේ පාගමනින් යමින් සිටියදී වෙඩි තැබීමට ලක්ව තිබේ. පොලීසිය පැවසුවේ ඔහුගේ මල සිරුර මේ වනවිට පුද්ගලික රෝහලක තැන්පත් කර ඇති බව ය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.