බලධාරීන්ට නොදැනෙන මහියංගණයේ ගොවි දුක

බලධාරීන්ට නොදැනෙන මහියංගණයේ ගොවි දුක

by Chathuranga Rajapaksha 25-03-2018 | 6:37 PM
COLOMBO (Newsfirst) - මහියංගණයේ ප්‍රදේශ රැසක පවතින වන අලි උවදුර නිසා ගම්වැසියන්ගේ දෛනික කටයුතු අඩපණන වී තිබේ. දම්බරාව, රඹුක්යායය සහ දෙහිගොල්ල එවැනි ගම්මාන කිහිපයකි. පවුල් 2000ක් පමණ ඡීවත් වන මෙම ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. "මහත්තයා මේ බලන්න මේ අපේ කුඹුර, බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ. අලියෙක් මැරුවොත් අවුරුදු 05කට මනුස්සයෙක් හිරේ, මිනිහෙක් මැරුවොත් බල්ලෙක්වත් නැහැ. ඒක තමා බලධාරීන්ගේ නීතිය. මැති ඇමතිවරු ඒ.සී. කාමරවල ඉන්නවා අපි බල්ලෝ කුකුලෝ වගේ මෙව්වගේ මේ වැඩ කරලා කිසිම හවුහරණක් නැහැ අපිට" කුඹුරු අක්කර 500 කට අධික ප්‍රමාණයක් වන අලින් කඩාවැදී විනාශ කර ඇති බව ඔවුන් පවසයි. වනඅලි රංචු පිටින් පිවිසෙන්නේ රන්දෙණිගල රක්ෂිතයෙනි. බෝග වර්ග සහ කුඹුරු රැසක් විනාශ වී ඇත්තේ ප්‍රදේශවාසීන් බෙහෙවින් අසරණ කරමිනි. අලි වෙඩිවලට පවා මෙල්ල නොවන මේ සද්දන්තයින් නිසා ගම්වැසියන්ට සිදු ව ඇත්තේ, දිවා රෑ නොබලා ආරක්ෂකාරී පියවර අනුගමනය කිරීමයි. "අපිට රාත්‍රියේ නිදාගන්න නැහැ, ළමයෙක් අරගෙන බඩදරු අම්මා කෙනෙක් අරගෙන රෑක යන්න නැහැ ඒ තරමට අලි පාරවල්වල" සවස් කාලය වන විට නිවෙස්වලින් බැහැරට යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. මහියංගණය වන අලින්ට පවරා නොදී, ගම්වැසියන්ට අත් වූ ඉරණම ගැන බලධාරීන් අවධානය යොමු කළ යුතු නොවේ ද? https://www.facebook.com/NewsfirstSL/videos/1888393357887580/