ප්‍රබල පතාල සමාජික 'කුඩු නුවන්' අත්අඩංගුවට

ප්‍රබල පතාල සමාජික 'කුඩු නුවන්' අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 25-03-2018 | 4:07 PM
COLOMBO (Newsfirst) - ප්‍රබල පතාල සමාජික 'කුඩු නුවන්' නොහොත් නුවන් ගුණතිලක පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට පත් වනවිට ඔහු සතුව තිබු අත්බෝම්බයක් ද සිය භාරයට ගත් බව ය. ඔහු මිනීමැරුම්, ලිංගික අපයෝජන සහ මත්ද්‍රව්‍ය ජවාරම් ඇතුළු වැරදි කිහිපයක් සඳහා පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි. ඉදිරි විමර්ශන සඳහා සැකකරු කඩවත පොලිස් ස්ථානයට භාර දුන් බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.