ගිනි අවි භාවිතයට එරෙහිව අමෙරිකාව හඬ නගයි

නීති විරෝධී ගිනි අවි භාවිතයට එරෙහිව අමෙරිකාව හඬ නගයි

by Hashini De Mel 25-03-2018 | 7:41 AM

COLOMBO (News 1st) - නීති විරෝධී ගිනි අවි භාවිතයට එරෙහිව අමෙරිකාවේ නගර 800 ක් කේන්ද්‍ර කරගනිමින් විරෝධතා ආරම්භවී තිබේ.

ඒ, සරසවි සිසුන්, ගුරුවරුන් මෙන් ම සිවිල්වැසියන් දහස් ගණනකගේ සහභාගිත්වයෙනි. එය නම් කර ඇත්තේ, අපගේ ජීවත්වීමේ හිමිකම වෙනුවෙන් වූ පාගමන ලෙසයි. අමෙරිකාවේ ක්‍රියාත්මක විරෝධතාවලට සහය පළ කරමින්, ලන්ඩන්, ජිනීවා, සිඩ්නි, ටෝකියා ඇතුලු ලොව ප්‍රධාන නගර රැසක ද විරෝධතා ක්‍රියාත්මක වේ. ෆ්ලෝරීඩාහි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියයාම මෙවැනි විරෝධතාවක් සංවිධානය කිරීමට ආසන්නතම හේතුවවී තිබේ.