සුමිත්‍රා පීරිස්ගේ 83 වැනි ජන්ම දිනය අද යි

සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ 83 වැනි ජන්ම දිනය අද යි

by Hashini De Mel 24-03-2018 | 1:49 PM

COLOMBO (News 1st) - හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මිය අද සිය 83 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ.

1978 දී සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ඇය කරළියට පැමිණෙන්නේ, ගැහැණු ළමයි සිනමා පටයෙනි. ගඟ අද්දර, සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා චාරිකාවේ සංධිස්ථානයක් වනු ඇත. යහළු යෙහෙළි, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, දුවට මවක මිස, සක්මන් මළුව ඇති සිනමා පට 10 ක් ඇය හෙළ සිනමාවට දායාද කර තිබේ. අද සුමිත්‍රා පීරිස් මහත්මිය සිය 83 වැනි ඡන්ම දිනය සමරන්නේ, සිනමාලෝලීන් වෙනුවෙන් සිය නවතම සිනමා තිළිණය ලබාදීමට සූදානම් වන පසුබිමක් තුළ ය. මේ අනූව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කතා සංකල්පයකට අනූව සුමිත්‍රා පීරිස් මහත්මියගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කෙරුණු වෛශ්නාවී සිනමා පටය ලබන 5 වන දා සිට තිරගතවීමට නියමිතව ඇත.