වී ගොවීන් සඳහා නොමිලේ රක්ෂණාවාරණයක්

වී ගොවීන් සඳහා නොමිලේ රක්ෂණාවාරණයක්

by Hashini De Mel 24-03-2018 | 10:51 AM

COLOMBO (News 1st) - වී ගොවීන් සඳහා යල කන්නයේ සිට නොමිලේ රක්ෂණාවාරණයක් ලබාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි සභාපති සිඩ්නි ගජනායක මහතා පැවසුවේ, යල කන්නයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. මෙතෙක් කලක් වී ගොවීන්ට ලබාදුන් රක්ෂණය වෙනුවෙන් කන්නයක් සඳහා දායක මුදලක් ගෙවීමට සිදු වූ බව ද ඔහු සඳහන් කළේ ය.