ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළට

ලංකා IOC සමාගම පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් දමයි

by Hashini De Mel 24-03-2018 | 7:48 AM

COLOMBO (News 1st) - ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඩිසල් ලීටර්යක් රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9 කින් මිල ඉහළ දමා ඇති බව එම සමාගම පවසා ඇත. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පැවසුවේ, ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තම ආයතනය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ලංකා IOC නව ඉන්ධන මිල ගණන් වන්නේ, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටර්යක් රුපියල් 126.00 හා ඩීසල් ලීටර්යක් රුපියල් 100.00 ලෙසයි.