නිව්ස්ෆස්ට්, සිරස TV, TV 1 රයිගම් සම්මාන දිනා ගනී

රයිගම් සම්මාන උළලේදී නිව්ස්ෆස්ට්, සිරස, TV 1 නාලිකාවලට සම්මාන රැසක්

by Staff writer 24-03-2018 | 10:38 PM
COLOMBO (Newsfirst) - 2017 රයිගම් සම්මාන උළලේදී නිව්ස්ෆස්ට්, සිරස ටී.වී. සහ TV 1 නාලිකා සම්මාන රැසකින් පිදුම් ලබුවේ ය. 14 වන රයිගම් ටෙලි සම්මාන උළෙල අද පස්වරුවේ ආරම්භ වූයේ, ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් ජූරියේ කුසලතා සම්මානය TV 1 නාලිකාවේ විකාශය වූ ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමේ රහස විශේෂාංගය වෙනුවෙන් නුවන් චතුරංග සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. වසරේ විශිෂ්ටතම ක්‍රිඩා වැඩසටහනට හිමි සමිමානය හිමි කර ගත්තේ නිව්ස්ෆස්ට්හි ගමට ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන් සජිත් ගෝවින්න යි. වසරේ විශිෂ්ටතම ප්‍රශ්න විචාරක වැඩසටහනට හිමි සම්මානය සිරස ටි.වි. නාලිකාවේ විකාශය වන පෙන්ටත්ලන් සීසන් 2 හිමි කර ගත්තේ ය. වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි නිවේදිකා සම්මානය TV 1 රූපවාහිනියේ බර්නඩින් ජයසිංහ විසින් හිමි කර ගත්තා ය.