පොළොන්නරුවෙන් හමු වූ ගල් පුවරු පරීක්ෂාවකට

පොළොන්නරුවෙන් හමු වූ ගල් පුවරු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායමක්

by Hashini De Mel 24-03-2018 | 12:19 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතුවලදී හමු වූ ගල් පුවරු සහිත කොටස් පරීක්ෂා කිරීමට විශේෂඥයින් කණ්ඩායමක් එහි යැවීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාලවල මහතා සඳහන් කළේ, මෙය ගල් පාලමක් හෝ ඉපැරණි මාර්ගයක් බවට සැකකරන බවයි. හමු වූ පුරා විද්‍යාත්මක සාධක විශේෂඥයින්ගේ පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු අවසන් නිගමනය පැමිණිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.