පොලීසිය කළ මෙහෙයුමකින් 2879ක් අත්අඩංගුවට

පොලීසිය දිවයින පුරා කළ මෙහෙයුමකදී සැකකරුවන් 2879ක් අත්අඩංගුවට

by Staff writer 24-03-2018 | 5:48 PM
COLOMBO (Newsfirst) - පොලීසිය අද අලුයම 4.00 සිට පෙරවරු 8.00 දක්වා දිවයින පුරා සිදු කළ වැටලීමකින් වරෙන්තුකරුවන් 1031 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2879 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, විවිධ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයින් 800ක් ද අත්අඩංගුවට ගත් බව ය. එම මෙහෙයුමේදී බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 266කි. සැකකරුවන් 667 දෙනෙකු හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයාගේ නියමයෙන් ක්‍රියාත්මක කළ එම දීප ව්‍යාප්ත මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් 7516 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.