කතරගම වෙඩි තැබීම: පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කතරගමදී පොලිස් බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

by Hashini De Mel 24-03-2018 | 7:01 AM
කතරගම බස් නැවතුම්පොළ භූමියේදී පොලිස් බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සැකකරුවන් නීතිඥයෙකු මාර්ගයෙන් කතරගම පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීම සඳහා යොදා ගත් බව කියන ගල්කටස් වර්ගයේ ගිනි අවිය හා ත්‍රිරෝද රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. පසුගිය 21 වන දා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබනු ඇත. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.