"ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් නැහැ"

ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් නැහැ - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

by Staff writer 24-03-2018 | 5:15 PM
COLOMBO (Newsfirst) - ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, එවැන්නක් කිරීමේදී සියලු කරුණු අධ්‍යයනය කර රජය සමග දීර්ඝව සාකච්ඡා කර තීරණවලට එළැඹීම සංස්ථාවේ පටිපාටිය බව ය. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.