විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් දඹුල්ලේ දෙදෙනෙකු මරුට

විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් දඹුල්ලේ දෙදෙනෙකු මරුට

by Staff writer 23-03-2018 | 2:25 PM
COLOMBO (Newsfirst) - දඹුල්ල, පන්නම්පිටිය ප්‍රදේශයේ කුළු බඩු නිෂ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනෙකු විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ද මෙලෙස වායු කාන්දු තත්ත්වයක් ඇතිවූ වී ඇති අතර එමගින් අදාළ ආයතනයේ කුළු බඩු නිෂ්පාදනය කරමින් සිටි සේවකයින් සිහිසුන්ව ඇද වැටීමකට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පසුව ඔවුන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ය. ඒ වන විටත් ඔවුන් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. විෂ වායු අග්‍රහණයෙන් මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු සහ 30 හැවිරිදි එක් දරු මවකි. ඔවුන් දඹුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් ය. මේ වන විට අදාළ ආයතනය තාවකාලිකව වසා දමා තිබේ. https://www.youtube.com/watch?v=h5CT0U3FyZU