ලෝක කාලගුණ දිනය අදයි

ලෝක කාලගුණ දිනය අදයි

by Staff writer 23-03-2018 | 11:11 AM
COLOMBO (Newsfirst) - අව්, වැසි, සුළං නියඟ ආදී සාධක ලොව ශාක හා සත්ත්ව සංහතියේ පැවැත්මට අතීතයේ සිට බලපානු ලැබුවේ ය. මේ හේතුවෙන් පුරාණ මිනිසා මේ පිළිබඳව සැලකිලිමත් වූයේ තම ජීවන රටාව ඒ ඔස්සේ සකසා ගැනීමට හැකි සෑම උත්සහයක්ම දරමිනි. අතීතයේදී අහස, ගහකොළ හා සතා සිව්පාවාගේ හැසිරීම අනුව කාලගුණයේ වෙනස්කම් තේරුම් ගත් මිනිසා, සංකීර්ණ ලෝකයට පෙළ ගැස්වීමේ අරමුණින් ලෝක කාලගුණ විද්‍යා සම්මේලනය මගින් 1950 වසරේදී ලෝක කාලගුණ දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර එහි තේමාව වන්නේ, කාලගුණයට සූදානම තුළින් දේශගුණයට ඥානාන්විත අනුහුරුවීම් යන්න යි. මෑත දශක කිහිපය දෙස බලන විට මෙරට කාලගුණයේ දැඩි වෙනස්කම් රැසක් සිදුව තිබේ. නිසි කලට වැසි නොලැබීමත් අකලට වැසි ලැබීම මෙන් ම විවිධ අවස්ථාවල ඇති වන අනපේක්ෂිත දැඩි සුළං හේතුවෙන් ජනතාව පීඩාවට පත් වූ වාර අනන්ත ය.