බියගම කර්මාන්ත ශාලාවක ගින්නක්

බියගම, රුක්ගහවිල පොළිතීන් අමුද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 23-03-2018 | 7:52 AM
COLOMBO (Newsfirst) - බියගම, රුක්ගහවිල පොළිතීන් අමුද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ඊයේ රාත්‍රී 8.00ට පමණ ආරම්භ වූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. රාත්‍රී 12.00 පමණ වන තුරු පැවැති ගින්න නිවා දැමීම සඳහා කොළඹ සහ ගම්පහ ගිනි නිවීම් ඒකක කටයුතු කළේ ය. ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.