නාගවිල්ලුවේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලයි

නාගවිල්ලුවේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලයි

by Staff writer 23-03-2018 | 12:54 PM
COLOMBO (Newsfirst) - නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලා තිබේ. මුන්දලම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරනු ලැබුවේ ය. නාගවිල්ලුව ප්‍රදේශයේ සිට මීගමුව දක්වා ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක තිබී මත්කුඩු කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය මෙලෙස සිය භාරයට ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.