පකිස්ථාන ජනරජ දින සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති පකිස්ථාන ජනරජ දින සැමරුම

by Chathuranga Rajapaksha 23-03-2018 | 8:43 PM
COLOMBO (Newsfirst) - පකිස්ථාන 62 වැනි ජනරජ දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එරට අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසිනි. දෙරටේ ජනාධිපතිවරුන්ගේ පැමිණිමෙන් පසු උත්සවය ආරම්භ විය. ජනරජ දිනය හමුදා උත්තමාචාර පෙලපාලියෙන් හා ගුවන් සංදර්ශනයකින් වර්ණවත් විය. උත්සවයට පකිස්ථාන, බහරේන්, ජෝර්දාන්, එක්සත් ආරාබි එමීර් රාජ්‍ය යන රටවල හමුදාවන් එක්ව සිටියහ. අලංකාර සංස්කෘතාංගවලින් ද උත්සවය වර්ණවත් විය. https://www.facebook.com/NewsfirstSL/videos/1886178701442379/