මැණික් තොගයක් සමග පුද්ගලයෙකු රේගු භාරයට

මැණික් තොගයක් සමග පුද්ගලයෙකු රේගු භාරයට

by Hashini De Mel 22-03-2018 | 6:11 PM

COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මලයාසියාවට මැණික් තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, කැරට් 388 ක් බරැති එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි. සැකකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මැණික් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇත.