නාමල්ට අමෙරිකාවට යාමට එරට රජය අවසර නොදුන්නේ ඇයි?

මන්ත්‍රී නාමල් රාජපක්ෂට අමෙරිකාවට යාමට එරට රජය අවසර ලබා නොදුන්නේ ඇයි?

by Staff writer 22-03-2018 | 10:35 PM
COLOMBO (Newsfirst) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ හුස්ටන් බලා යාමට සුදානමින් සිටියදී ඊට අවසර නොදීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබේ. රාජපක්ෂ මහතා රුසියාවේ සංචාරයක නිරත අතරතුර මෙම ගමන යොදාගෙන තිබිණි. රුසියානු ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුසියාවට ගොස් සිටියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද උදෑසන අමෙරිකාවේ හුස්ටන් නගරයට යාම සඳහා මන්ත්‍රීවරයා මොස්කව් ගුවන්තොටුපොළට පැමිණියත් එමිරේට්ස් ගුවන් සමාගමේ නිලධාරීන් ඔහුට දන්වා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අදාළ ගමනට අවසර දී නොමැති බව ය. මේ අතර රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, අමෙරිකාවට මෙවැනි තීරණ ගැනීමට ස්වාධිපත්‍යක් ඇති බව ය. කෙසේ වෙතත් ඊට හේතුව කුමක් ද යන්න පිළිබඳව නිසි ආකාරව තමන් දැනුවත් නොකළ බව ද මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා තිබේ.