මේ වසරේ වාහන ලියාපදිංචිය ඉහළට

පසුගිය වසර 2ට සාපේක්ෂව මේ වසරේ වාහන ලියාපදිංචිය ඉහළට

by Hashini De Mel 22-03-2018 | 3:31 PM

COLOMBO (News 1st) - පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේ වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ අනූව වසරේ මේ දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති රථ වාහන ප්‍රමාණය 81,871 කි. ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 59,464 කි. කුඩා මෝටර් රථ 11,728 ක් ද ඊට ඇතුළත් වේ. මේ අනූව දෛනිකව නව වාහන 1926 ක් ලියාපදිංචි වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා ඇත. පසුගිය අය වැයෙන් වාහන සඳහා පැන වූ බදු අඩු කිරීම වාහන ලියාපදිංචිය ඉහළ යාමට හේතුවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පසුගිය වසරේ ලියාපදිංචිවී ඇති සමස්ත රථ වාහන ප්‍රමාණය 73,910 ක් වේ.