දුක ම පමණක් උරුම වූ අසරණ ජීවිත.....

දුක ම පමණක් උරුම වූ අසරණ ජීවිත.....

by Sagarika Chathumali 22-03-2018 | 11:46 AM
COLOMBO (News 1st) : කිසියම් පවුලක සාමාජිකයින් මූලික අවශ්‍යතා අතරින් එකක් වන නිවසක් ඉදිකරගනු ලබන්නේ ආරක්ෂිතව ජීවත්වීමේ අරමුණ පෙරදැරිවයි. ඉදි කරගනු ලබන නිවසේ ප්‍රමාණය කෙසේ වෙතත් ආරක්ෂිතබව නිවසක තිබිය යුතුම ලක්ෂණයයි. එහෙත් යම් පවුලකට සිය නිවස තුළදීම අනාරක්ෂිතව ජීවත් වෙන්න සිද්ධ වුණොත්, එය කෙතරම් ඛේදනීය තත්ත්වයක් ද? කුරුණෑගල, වලව්වත්තේ පදිංචි කුඩා බණ්ඩාට තමන්ගෙ ආදරණීය බිරිඳ ද සමගින් කටුමැටියෙන් තැනූ කුඩා නිවහනේ ජීවත්වීමට සිදුව ඇත්තේ, ඉතා දුක්ඛිත ජීවිතයක් ඔවුන් දෙදෙනාගේ එක ම අදායම් මාර්ගය වන්නේ, නිවස තුළ ම සදා ගත් පුංචි අලෙවිසලෙන් ලැබෙන සොච්චම් මුදල පමණයි. දරාගත නොහැකි ජීවන වියදමක් ඇති මෙවන් යුගයක මෙම අසරණ දෙමව්පියන් එක වේලක් හෝ කටට රහට ආහාර වේලක් ගනු ඇතැයි, සිතිය නොහැකි ය. ඔවුන් පවසන්නේ, වැසි දිනවලට නිවසට ඉහළින් පිහිටි ඉවුර කඩාගෙන ඇවිත් ගේ යට වෙන බවයි. ඒ හේතුවෙන් දෙවතුන් වතාවක් ගරා වැටුණු නිවස තුළ ඔවුන් රැය පහන් කරන්නෙ, මොන යම් මොහොතක හෝ යළි එවැනි සිද්ධියක් සිදුවීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි, යන අවිනිශ්චිත බියෙන් යුතුවයි. රට ම විදුලි බලයෙන් අලෝකවත් වුණ ත්, මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට තවමත් පුංචි හෝ අලෝකයක් ලැබෙන්නෙ කුප්පි ලාම්පු එළියෙනි. කුරුණෑගල කැප්පිටිගල පිහිටි මේ ගමේ නම වලව්වත්ත වුණාට කටුමැටි ගේක අසරණව ජීවත් වෙන, මේ වියපත් දෙමව්පියන්ට යමෙකුට පිළිසරණක් විය හැකි නම් එය මහගු පින්කමක් වනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/1884566674936915/