ජනපති පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වෙයි

ජනපති පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වෙයි

by Hashini De Mel 22-03-2018 | 10:20 PM

COLOMBO (News 1st) - හෙටට යෙදෙන පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර නුර් ඛාන් ගුවන්තොටුපොළට ළඟා විය.

පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසෙන් මහතා විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා පිළිගත් අතර එහිදී හමුදා උත්තමාචාර ද ජනාධිපතිවරයාට පිරිනැමුණි. දෙදින නිල සංචාරය තුළ ජනාධිපතිතුමා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා මෙන් ම අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ශ‍්‍රී ලංකා – පාකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක්වන අතර මෑත කාලයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් හිමි වූ පළමු අවස්ථාව ද මෙය වේ. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1885097631550486/