කොළඹ ප්‍රථම පුරපතිනිය ධූරයේ වැඩ අරඹයි

කොළඹ ප්‍රථම පුරපතිනිය ධූරයේ වැඩ අරඹයි

by Hashini De Mel 22-03-2018 | 5:28 PM

COLOMBO (News 1st) - කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය අද සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබේ.

කොළඹ මහනගර සභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වේ. මෙම අවස්ථාවට රජයේ මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටිය හ. මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ රෝසි සේනානායක මහත්මිය සිය ධූරයේ වැඩ භාර ගත්තාය. https://www.youtube.com/watch?v=FtKCrLNHCf8