කොදෙව්වෝ 2019 ලෝක කුසලයට සුදුසුකම් ලබති

කොදෙව්වෝ 2019 ලෝක කුසලයට සුදුසුකම් ලබති

by Sagarika Chathumali 22-03-2018 | 9:07 AM
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ සහභාගී වූ තරග 5 න් 4 ක් ජය ගනිමිනි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වූ පස්වැනි තරගය ස්කොට්ලන්තයට එරෙහිව හරාරේහිදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 198 ක් පමණි. එවින් ලුවිස් ලකුණු 66 ක් රැස් කළ අතර මාලන් සැමුවල්ස් ලකුණු 51 ක් රැස් කළහ. පන්දු යැවීමේදී බ්‍රැඩ් වීල් හා සෆ්යාන් ශරීෆ් කඩුළු 3 බැගින් දවා ගත්හ. ලකුණු 199 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. රිචි බෙරින්ටන් ලකුණු 33 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කෙමාර් රොච් හා ඇශ්ලි නර්ස් කඩුළු 2 බැගින් දවා ගත්තේ ය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඩක්වත් හා ලුවිස් න්‍යායට ලකුණු 5 ක ජයක් හිමිවිය.