අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියමවෙයි

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයට දින නියමවෙයි

by Sagarika Chathumali 22-03-2018 | 12:49 PM

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේ ය. කෙසේ වෙතත් ඊයේ ඉදිරිපත් කළ විශ්වාසභංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නෙතිබිණ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේ ය. කරුණු 14 ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින රාජ්‍ය ආමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන සුසන්ත පුංචි නිලමේ හා නිශාන්ත මුතුහෙට්ටිගම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබුණි.