by Hashini De Mel 22-03-2018 | 7:17 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹුණු බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි කරුණූ 14කින් සමන්විත විශ්වාසභංග යෝජනාව ඊයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කථානායකවරයාට භාර දුන්නේ ය.
එම යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් කර තිබුනේ නැත.
මේ අතර අද එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර තරග කර තේරීපත් වූ මන්ත්‍රීවරුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූහ.