හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතරදී අත්අඩංගුවට

හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතරදී අත්අඩංගුවට

by Hashini De Mel 21-03-2018 | 6:14 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට මාතර දක්වා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද අලුයම 2.00 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 ක් හා රම්බෝ වර්ගයේ පිහියක් ද පොලීසිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැනට සිරගතව සිටින මහා පරිමාන හෙරොයින් ජාවාරම්කරුවකු වන කුඩාව සුද්දා නැමැති පුද්ගලයාගේ ආධාරකරුවෙකි. මාතර කොට්ඨාසයේ දූෂණ මර්දන එ්කකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. පොලීසිය පැවසුවේ, සැකකරු මාතර අධිවේගී මාර්ගයේ පිටවීම් දොරටුවෙන් පළා යාමට තැත් කිරීමේදී මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු 43 හැවිරිදි මාතර නාදුගල ප්‍රදේශයේ පුද්ගලයෙකි. https://www.youtube.com/watch?v=uObGU0_GNt8